Friday, November 22, 2013

යකාට බය නම් සොහොනෙ ගෙවල් තනයිද

12:16 AM

" යකාට බය නම් සොහොනෙ ගෙවල් තනයිද "



සිංහල ජන වහරේ යෙදෙන ප්‍රස්තාව පිරුළු අතර නිර්භීත බව පිළිබඳ අගය වෙනත් ලෙසකට කියවෙන යෙදුම් ඇත. “යකාට බය නම් සොහොනෙ ගෙවල් තනයිද!” යන යෙදුම අප අතර වහරනු ලබන්නේ එක් අතකින් නිර්භීත භාවය පෙන්නුම් කිරීමටය.

තවද, තමන්ට එරෙහිව එන විරුද්ධකරුවන් අබිබවා ජය ගැනීමේ ශක්තියක් ඇති පුද්ගලයකු පිළිබඳ කීමට මෙවන් යෙදුමක් උචිත වන බව පෙනේ. තම විරුද්ධකරුවන් සමඟ උරෙනුර ගැටෙමින් නිර්භීත ලෙස, ඉදිරියට යමින්, අභියෝගවලට මුහුණ දෙන්නකුගේ එවන් ක්‍රියා කලාපයකදී, “යකාට බය නම් සොහොනෙ ගෙවල් තනයිද!” යන යෙදුම අතිශයින් යෝග්‍ය උපහැරණයක් ලෙස සැලකෙනු ඇත.
අරුත -   මහාචාර්ය : කුසුමා කරුණාරත්න

Read More at : http://www.silumina.lk/punkalasa

Written by

...

ප්‍රස්ථා පිරුළු වලට අදාල නිදාන කථාව හෝ මේ ගැන ඔබ දන්නා දේ ලියන්න

 

© 2013 Pirulu Wordings Quotes. All rights resevered. Designed by Templateism

Back To Top