Thursday, November 21, 2013

දැන ගියොත් කතරගම, නොදැන ගියොත් අතරමග

11:48 PM

" දැන ගියොත් කතරගම, නොදැන ගියොත් අතරමග "




ජපන් ජාතිකයන් වහරන ප්‍රස්තාව පිරුළක් වන, (CHISHA WA MADOWAZU, YUSHA WA OSOREZU) ”චිස ව මදොවද්සු, යූෂ ව ඔසොරෙද්සු” යන්නෙන් ද ඥානවන්ත භාවයත් නිර්භීත භාවයත් ඇගයීමට ලක් වෙයි. මෙයින් පළ වන අරුත වන්නේ, “ඥානවන්ත පුද්ගලයා යා යුතු මග නොදැන අතරමං නොවෙයි. නිර්භීත පුද්ගලයා (කිසිවකට) බිය නොවෙයි” යන්නයි. සිංහල සමාජය තුළ ව්‍යවහාර වන යෙදුමක් මෙහිදී අපට සිහිපත් වෙයි. එනම්, “දැන ගියොත් කතරගම, නොදැන ගියොත් අතරමග“ යන්නයි. මෙහිදී ජපන් පිරුළෙන් කියවෙන පරිදිම ඥානවන්තයා නිසි මග දැන යාමෙන් අතරමං වීමකට ලක් නොවන්නේය යන්න කෙළින්ම නොහැඟවුණත් එයින් පළ වන පුළුල් අරුත වන්නේ ද එයමය.

මෙය වඩාත් පැහැදිලි කරගතහොත් කිසියම් ගමනක් යනු රිසියෙන් මගට බසින තැනැත්තා ඥානවන්තයෙක් නම් ඔහු හරි මග නොදැන ගමන ආරම්භ නොකරනු ඇත. අද අපට හමු වන ඇතැම් පුද්ගලයන් තමන් නිරත වන කවර කටයුත්තක් වුව, එය ඇරඹීමට පෙර නිසි සැලසුම් සකස් කරගනු ඇත. එය සැබවින්ම ඥානවන්ත ක්‍රියාවකි. ශ්‍රී ලාංකික අප අතර ප්‍රචලිත ‘දැන ගියොත් කතරගම, නොදැන ගියොත් අතරමග‘ යන්නෙන් ද ප්‍රකට වන අරුත මේ හා සමානය.

මෙහිදී හුදෙක් ගමන් යාම පමණක් ම අදහස් නොවන අතර තමන් කරන කවර කටයුත්තකට වුවද මෙම කියමන සම්බන්ධ කළ හැකිය. තම ජීවිතයට අවශ්‍ය කුමන අන්දමේ පියවරකට හෝ මනා පෙර සූදානමක් සහිතව යොමු වන්නේ නම් එය බොහෝ දුරට සාර්ථක වනු ඇත. ඒ අනුව ඥානවන්ත ලෙස දිවි ගමනෙහි යෙදෙන්නා අතරමං වීමකින් තොරව සිය අරමුණු සාර්ථක කර ගැනීමට සමත් වනු ඇත.

අරුත -   මහාචාර්ය : කුසුමා කරුණාරත්න

Read More at : http://www.silumina.lk/punkalasa

Written by

...

ප්‍රස්ථා පිරුළු වලට අදාල නිදාන කථාව හෝ මේ ගැන ඔබ දන්නා දේ ලියන්න

 

© 2013 Pirulu Wordings Quotes. All rights resevered. Designed by Templateism

Back To Top